Robo Battles In Sri Lanka


මං අද කතා කරන්න යන්නේ මොකක්ද මේ රොබෝ යුද්ද කියන්නෙ කියලා..
රොබෝ යුද්ධයක්ට විශේෂිත Arena එකක් හදනවා. මේකෙ බොහෝවිට organizers ලා විසින් යොදන බාධකත් මෙහි තියෙන්න පුලුවං. ඊට පස්සෙ මේ arena එක වටේට විදුරැ වලින් හෝ යකඩ දැල් වලින් ආවරනය කරලා තියෙන්න පුලුවං. බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ගේ ආරක්ෂාවට.
ඊට පස්සෙ මූලික සුදුසුකම් සපුරා ඇති රොබෝ යන්ත්‍ර මෙම වේදිකාව මත තබා නිශ්චිත කාලයක් මේ යන්ත්‍ර දෙක අතර සටනක් පැවැත්වෙනවා. විශේෂයෙන්ම යන්ත්‍රය හසුරවන්නා විසින් නිවැරදිව හැසිරවීම හා පලපුරුද්ද ‌ෙබාහෝ අවස්තා වලදී වැදගත් වෙනවා. තරඟය ආරම්භක සංඤාව ලබා දුන් පසු තම ප්‍රතිවාදියාට තමන් සතුව ඇති අවි වලින් පහර දී වැඩිම හානියක් කරන රො‌බෝ ජයග්‍රහනය කරයි.
2016 අවුරුද්දෙ ඔක්තෝබර් 1 තමයි ලංකාවෙ පලවෙනි රොබෝ බැට්ල් එක තිබ්බෙ. ඒ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ. ඒකට ලංකකාවේ විවිධ ආයතන නියෝජනය කරන අය සහභාගී උනා කන්ඩායම් 30ක් විතර සහබාගී වුනා.
ඊට පස්සෙ chromium collision එකත් ඊට පස්සෙ ලංකාවෙ පලවෙනි school category robo battle .එක තිබ්බා තෝලංගමුව මධය විද්‍යාලයේ.
අනතුරුව පසුගිය 9 වෙනිදා නුවරද 14 දින ඌව විශ්ව විද්‍යාලයේදි තිබ්බ robo battle එක ලංකාවෙ තිබුන ලොකුම එක කිව්වෙත් හරි. මේකට කන්ඩායම් 103 ක් සහභාගී වුනා.


Comments